පාන් ගෙඩියක් රුපියල් පහකින් ඉහළට

Spread the love

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය‍.

නව මිල සංශෝධනය අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව ජයවර්ධන මහතා පැවසීය.

මෙම මිල ඉහළ දැමීමට විශේෂයෙන්ම මේ වන විට සීනි මිල ඉහළ යෑම මෙන්ම කිලෝ 37.5 විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල මාස දෙකට පමණ පෙර රුපියල් 900 කින් පමණ ඉහළ දැමීම දැඩි බලපෑමක් කළ බවත් පාන් පිටි මිල සුළු වශයෙන් ද ඉන්ධන සහ මාගරින් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍යවල මිල ගණන් ද සැලකිය යුතු ඉහළ ගොස් ඇති බවත්.

බේකරි කාර්මාන්තයට සම්බන්ධ බොහෝ දේවල්වල මිල ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කරමින් කර්මාන්තයේ අනාගතය දෙස බලා මිල ඉහළ දැමූ බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේය.

Related Posts