පාතාලයෙන් සහ කප්පම්කරුවන්ගෙන් බලපෑම් එල්ලවන්නේ නම් සම්බන්ධ තොරතුරු වහාම තමා වෙත ලබාදෙන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබේ. කොළඹ කොටුව වෙළෙඳ ප්‍රජාව, ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පෙරේදා (19) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඔවුනට ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කල අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා එසේ පවසා තිබේ. එහිදී නිදහසේ තම ව්‍යාපාර කිරීමට රජය අවකාශ සලසාදීම සම්බන්ධයෙන් කොළඹ ව්‍යාපාරිකයෝ ආරක්ෂක ලේකම්වරයාට ප‍්‍රසාදය පළ කර ඇත.
මෙම හමුවට කොටුව ප‍්‍රදේශයේ දෙමල හා මුස්ලිම් ව්‍යාපාරිකයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලුව පිලිබද විශේෂ අවධානය යොමුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ ව්‍යාපාර කටයුතුවලට බාධාවක් වු පාතාලය මර්දනය කර ඇති බවයි.
භාණ්ඩ ආනයනයේදී වරායෙන් ගෙන එනු ලබන කන්ටේනර් සදහා කප්පම්කරුවන්ට මුදල් ගෙවීමට සිදුව ඇතැයි කොළඹ ව්‍යාපාරිකයෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දුන් අතර ඔවුන් සම්බන්ධ තොරතුරු හෙළිකරගත් වහාම දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවටද ආරක්ෂක ලේකම්වරයා එහිදී පොරොන්දුවී තිබේ.
පාතාලයෙන් බලපෑම් එල්ලවන්නේ නම් වහාම තමා වෙත දැනුම් දෙන්න – ආරක්ෂක ලේකම්
Loading...