පාඨලීට එරෙහි නඩු විභාගය ලබන වසර දක්වා අත්හිටුවයි

Spread the love

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන වසරේ මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහුට එරෙහිව අදාළ නඩුව පවරා තිබෙනවා.

Related Posts