පාකිස්ථාන ලොකු ලූණු ගේන්න කලින් අස්වනු විකුණා ගන්න – දේශීය ලොකු ලූණු ගොවීන්ට අවවාද

Spread the love

අද (25) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වූ දේශීය ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

ලබන මාසයේ සිට පාකිස්තථානයෙන් ලොකු ලූණු ආනයනය කරන බැවින් දේශීය ලොකු ලූණු  මිල පහත  යා හැකි නිසා ඉහළ මිල ගණන් පවතිද්දී තමන් සතු දේශීය ලොකු ලූණු අස්වනු වහාම අලෙවි කර ගන්නැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු ගොවීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ දිනවල ලොකු ලූණු වගා කළ ගොවීහූ සිය අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම සිදු කරති.

ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල්  170 සිට 200 දක්වා ඉහළ මිලක්  ලැබෙන බවත් බහුතරයක් ලොකු ලූනු රුපියල් 190 බැගින් මේ වන විටත් අලෙවි වන බව ගොවීහූ පවසති.

බොහෝ ගොවීන් කියා සිටියේ කලකට පසු දේශීය ලොකු ලූණු ගොවියාට ලැබෙන මෙම මුදල ප්‍රමාණවත් බවය‍ ඇතැම් ලොකු ලූනු ගොවීන් කියා සිටියේ රුපියල් 200ක මිල තමන්ට ප්‍රමාණවත් නොවන බව ය. කෙසේ වෙතත් මෙවර  මාතලේ  දිස්ත්‍රික්කය, අනුරාධපුර දිස්ත්‍රික්කය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීහු වැඩි වශයෙන් දේශීය ලොකු ලූනු වගා කර තිබේ.

බොහෝ ගොවීන් තම අස්වැන්න අලෙවලෙවි කිරීම සඳහා ගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීම විශේෂත්වයකි. ඇතැම් ගොවීන්ගේ වගා බිම් වලට ගොස් ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පවසති.

දේශීය ලොකු ලූනු බීජ වගා කළ ගොවීන්ට ඉහළ අස්වැන්නක් මෙන්ම ඉහළ මිලක් ලැබෙන බවද පෙන්වා දෙන ගොවීන් ඉන්දීය බීජ වගා කළ ගොවීන්ට එතරම් ඉහළ ඉල්ලුමක් සහ මිලක් නොලැබෙන බව ද පෙන්වා දෙති.

දේශීය බීජ මගින් වගා කළ නිෂ්පාදනය කළ ලොකු ලූණු වලට රුපියල් 200ක මිලක් ලැබෙන බව ඇතැම් ව්‍යාපාරිකයෝ කියා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ සී. එස්. සිරිවර්ධන මහතා ගොවීන්ගෙන් සිටියේ පාකිස්තානයෙන් ලුණු ලැබෙන්නට පෙර  දේශීය ලොකුළූණු  වෙළඳපළට ගෙනැවිත් අලෙවි කොට අතතමිට සරු කර ගන්නා ලෙසය.

පසුගිය කන්න කිහිපයකම දේශීය ලොකු ලූනු ගොවියාට වැස්ස සහ විවිධ හඳුනා නොගත් රෝග නිසා ලොකු ලූනු වගාවෙන් පාඩු සිදුවිය. කෙසේ වෙතත් මෙවර සාර්ථක දේශීය ලොකු ලූණු අස්වැන්නක් ලැබී තිබීම විශේෂත්වයකි. ඒ අනුව අස්වැන්නට සාධාරණ මිලක් ලැබීම ද තව තවත් සතුටට කරුණක් බව ගොවීහු කියා සිටිති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts