ප්‍රෞඩ සිංහරාජය දෙකඩ වන ලකුණු

Spread the love

පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ ලෝක උරුම සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් කලවාන ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා යෝජිත මහා මාර්ගයේ කටයුතු ආරම්භ කර ඇත.

පරිසරවේදීහු පෙන්වා දෙන්නේ තුන්සියයකට අධික සේවක පිරිසක්‌ එකවර සහභාගී කරවා ගනිමින් පසුගිය දා (09 සැප්.) පෙරවරුව වනවිට මෙම යෝජිත මාර්ගයේ කිලෝමීටර් තුනක දුරක්‌ බැකෝ යන්ත්‍ර යොදවා සකස්‌ කර ඇති බවයි.

මෙම මාර්ගය ඉදිකළහොත් ජාතික උරුමයක්‌ හා ලෝක උරුමයක්‌ වන සිංහරාජය දැඩි අනාරක්‍ෂිත බවකට පත්වන බවද, මෙම වනාත්තරයේ ජෛව විවිධත්වයට දැඩි හානි පැමිණ වෙන බවද පරිසරවේදීහු කියා සිටිති.

Loading...

RSL

Related Posts