ප්‍රභාකරන්වත් මෙච්චර හානියක් රටට කරලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

Spread the love

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද අධිකරණය මාස 30ක සිරදඩුවමක් නියම කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම පසුගිය දා (12 සැප්.) සලකා බැලිණ.

යුද අධිකරණය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ධනුන තිලකරත්න ඔහුගේ බෑනණුවන් බව හෙළි නොකිරීමේ චෝදනාවට බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද අභියාචනාධිකරණයේදී පැවසීය.

එලෙස නෑකම හෙළි නොකිරීම වරදක්දැයි , නීතිඥවරයා එහිදී අධිකරණයෙන් විමසා සිටියේය.

එහිදී යුධාධිකරණයේ විනිසුරුවන් තිදෙනා සහ හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරු දුන් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ධනුන තිලකරත්න හිටපු හමුදාපතිවරයාගේ බෑනණුවන් බව වගඋත්තරකරුවන් දන්නා බවයි. එම භාණ්ඩ සැපයූ සමාගම්වලට‍ හමුදාව සමග ගිවිසුම් ඇති බවද රොමේෂ්ද සිල්වා එහිදී පෙන්වා දී තිබේ.

වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 15 වෙනිදාට කල් තැබිණ.

මේ අතර සරත් ‍ෆොන්සේකාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ද එදින අභියාචනාධිකරණය හමුවේ කැඳවීය.

එම නඩුව යළි ඔක්තෝම්බර් 6 වෙනිදා දක්වා කල් තබන ලදි.

ජෙනරාල් ෆොන්සේකා මහතා අධිකරණයෙන් පිටව යමින් මෙසේ පැවසීය.

“මේ රටේ දූෂිත පාලකයෝ පෙර ආත්මවලින් පටන් අරගෙන තියෙනවා. රටෙනුයි මහජනයාගෙනුයි, පළිගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහරදීලා හිරේ දානවා. දැන් ආයතන 14ක් විනාශ කරලා දාන්න හදනවා විකුණලා සිංහරාජය විනාශ කරන්න හදනවා.මැද්දෙන් පාරක් කපලා රටටම තියෙන සම්පතක් මේක ප්‍රභාකරන්වත් මෙච්චර හානියක් රටට කරලා නැහැ”

 

[youtube W7S_sbdzKRQ]

 

 

 

 

RSL

Related Posts