ප්‍රංශ නාවික හමුදා නෞකාවක් වන ඇකොනයිට් නෞකාව ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 2 දක්වා මුම්බායි හි සුහද සංචාරයක නිරත විය.මෙම සංචාරය මගින් දෙපාර්ශ්වය අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු වේ.

මෙම නෞකාව ප්‍රංශ නාවික හමුදාවට අයත් ලා ෆයෙට් පන්තියේ නෞකා පහෙන් එකකි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයින් සමඟ වෘත්තීය සහ සමාජීය අන්තර්ක්‍රියා පැවැත්වූ බවයි.

ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණියේ යුද නෞකාවක් සමඟ සමුද්‍ර අභ්‍යාසයකින් මෙම සංචාරය අවසන් විය. නෞකාව මීට පෙර 2015 දී විශාකාපට්නම් වෙත පැමිණ ඇත.

අණදෙන නිලධාරී, කොමදෝරු ගයොන්, ඉන්දීය බටහිර නාවික විධානයේ මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රංශ නාවික හමුදා නෞකාවක් වන ඇකොනයිට් නෞකාවෙහි වත්මන් මුම්බායි සංචාරය නාවික හමුදා දෙක අතර වර්ධනය වන සහයෝගීතාවය පිළිබිඹු කිරීමකි.දශක ගණනාවක් පුරා, ඉන්දියාව සහ ප්‍රංශය අතර ආරක්ෂක ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය වී ඇත.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පොදු අවශ්‍යතාවයක් වන බැවින්, එම ඉලක්කය කරා එකට වැඩ කිරීමට නාවික හමුදා දෙක කැපවී සිටි යැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්