පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

Spread the love

2014 /12/22 වැනි දින සිට හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ නොවැම්බර් 22 දා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ග්ලයිපොසෙට් (Glyphosate) ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙන්නේ තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි. මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 5 ක් භාවිතය සහ විකීණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නොවැම්බර් 22 දා නිකුත් නිකුත් කෙරිණ. ඒ, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්, ආචාර්ය ජේ. ඒ. සුමිත්ගේ අත්සනින් යුතුවයි.

Related Posts