ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සංවිධානත්වයෙන් ලබන ඔක්තෝබර් මස 8 සිට 14 දක්වා හම්බන්තොට වෙරළ පරිශ්‍රයේදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහ මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වේ.
දකුණු ආසියානු කලාපීය රටවල් 8ම සහභාගි වන මේ තරගාවලියේදි තරග ඉසව් 12ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ සහභාගී වීමට නියමිතය. වෙරළ ක්‍රීඩා උළලේදී බාස්කට්බෝල්, නෙට්බෝල්, කායවර්ධන, පාපන්දු, හෑන්ඩ්බෝල්, කබඩි, පිහිනුම්, වොලිබෝල්, ජීවිතාරක්ෂක ක්‍රීඩා, රළ ක්‍රීඩා, තුන්ප්‍රයාම හා තුරඟ තරග පැවැත්වීමට නියමිතය.
මේ ක්‍රීඩා උළෙලේදී සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උළෙල කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් වෙරළ ක්‍රීඩාංගණ ඉදි වේ.
පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හම්බන්තොට දී
Loading...