2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කළ බෝපේ පෝද්දල හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවලට අයත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ට සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලිඛිතව දැනුම් දී තිබේ.
අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට හා දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මේ සම්බන්ධව මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුවත් කොට ඇති බව ද සඳහන්ය.