ඉරාන න්‍යෂ්ටික බලාගාර වැඩසටහන් ඉලක්ක කර ගනිමින්, තෙවන වරටත් පරිඝණක පද්ධති වෙත වෛරසයක් ඇතුළු වී තිබේ. එය ඩුකූ නැමති පරිඝණක වෛරසයක් හඳුනාගත් බව ඉරාන බලධාරීන් පවසයි.
අලුතින් සොයා ගැනුණු ඩුකූ නැමති වෛරසය ඉදිරි සයිබර් ප්‍රහාර දත්ත රැස් කළ හැකි රිමෝට් ඇක්සස් හැකියාවන් වලින් සමන්විත වෛරසයක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. අවදානමට මුහුණ දී ඇති ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරවල පරිඝණක මේ වනවිට පරීක්ෂා කිරිම්වලට ලක් කෙරෙන බවත් වාර්තාවේ.
මීට පෙර ස්ටක්ස්නෙට් සහ ස්ටාර්ස් නැමති පරිඝණක වෛරස ඉරාන පරිඝණක පද්ධතිවලින් හඳුනා ගැනිණි. කාර්මික පාලන පද්ධති අඩපන කෙරෙන ස්ටක්ස්නෙට් නැමති පරිඝණක වෛරසය ඉරාන පරිඝණක පද්ධතිවලින් සොයා ගැනුණේ පසුගිය වසරේ වන අතර ඊට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බවට ඉරානය චෝදනා කළේය.
Loading...