පතිරණ සහ මධුශංක එළියට; ශිරාස් සහ මාලිංග එක්දින තරගාවලියට

Spread the love

වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි 20 තරගයේදී පතිරණ උරහිසේ ආබාධයකට ලක්විය. මධුශංක පුහුණු සැසියකදී සිදු වූ මස්පිඬු ආබාධයකට ලක්ව සිටියි.

ඔවුන් වෙනුවට නවක වේග පන්දු යවන්නන් වන මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග සංචිතයට එක්කර ගැනීමට නියමිතය.

Related Posts