පක්ෂ නම භාවිත කරන වැඩ ගැන සොයන්න විනය කමිටුවක් – ජවිපෙ

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක්‌ පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගෙන තිබේ.

ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත් කල බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියි.

ඊයේ පැවැති මධ්‍යම කාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යම කාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත්, ඔවුන්ට  එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත්  ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියි.

RSL

Related Posts