පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

Spread the love

අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් පක්‍ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය. එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි.

දේශපාලඥයන් පක්‍ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු බවද මන්ත‍්‍රීවරයා පවසයි.

පවතින රජය පෙරලා දැමීමට දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

RSL

Related Posts