නොවැම්බර් 01 දා සිට මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍

Spread the love

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා කීය.‍

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසීය.

අද (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇතිබවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත්. මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය. රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

Related Posts