නීතිපති දෙපාර්තමේන්තුව ගැන ‘මධුර විතානගේ කළ‘ හෙළිදරව්ව

Spread the love

නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින ඇතැම් නිලධාරීන් රහසිගත තොරතුරු පිටස්තර පුද්ගලයින්ට ලබාදීමේ සහ අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ නිරතව සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“යම් නිලධාරියෙක් විදේශීය පාර්ශ්වයකට රහසිගත තොරතුරු ලබා දුන් සිද්ධියක් තිබෙනවා,” මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටළුවක් වී ඇති බව ද ඔහු චෝදනා කළේ. “සමහර පොලිස් නිලධාරීන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යන විට මාධ්‍යවේදීන් රැගෙන යනවා. සමහර පොලිස් නිලධාරීන්ට ‘මාධ්‍ය උණ’ හැදිලා මේක නවත්තන්න ඕනෑ” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය

Related Posts