නිරෝධාන ඇදිරි නීතිය යළිත් දීර්ඝ කරයි – ජනතාවගෙන් මිශ්‍ර ප්‍රතිචාර

Spread the love

කොවිඩ් -19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වැනි සදුදා අලුයම 04.00 දක්වා තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ වන විට දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදා වන අතර එය මෙමස 6 වැනිදා දක්වා යළි දීර්ඝ කරනු ලැබීය.

රටපුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් සතියක කාලයක් රට වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ඊයේ පෙන්වා දුන් බවත් නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඉන් අනතුරුව බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (02) “සූම්” තාක්ෂණය ඔස්සේ රැස් වූ අතර එවැනි පියවරක් ගනු ලැබුවේ පළමු වරටය.

මේ අතර වත්මන් නිරෝධානයන ආදිරි නීතිය දීර්ඝ කිරීම ගැන සමාජයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළ වන අතර ඇතමුන් මෙය හාස්‍යයට ද ලක්කර තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් පෙන්වා දුන්නේ වත්මන් ඇදිරි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. රජය එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ද උන්නදුවක් නොදක්වන බවට ඔවුහු චෝදනා කර තිබුණි.

Related Posts