නියත වශයෙන් ජනපති රට ගොඩ දමනවා

Spread the love

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ බාරකාරත්වයට පත්ව වෙස් වලාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව ද නාහිමියෝ සඳහන් කළහ.

මිහින්තලා පුද බිම වෙත අද(21) ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.

RSL

Related Posts