නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පෙරට එන්න – සමාජවාදී ශිෂ්‍ය සංගමය

Spread the love

විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිට මේ දක්වා බලයට පැමිණි විවිධ ආණ්ඩු විසින් 08 වරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කර ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය නව ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා කියයි.

ජයතිස්ස මහතා මේ බව පැවසුවේ, ඊයේ (31 ඔක්.) ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වනවිට අධ්‍යාපනය, සුබසාධන, ආරක්‍ෂක සහ විවිධ ගැටලූ ගණනාවකට මුහුණ පෑමට සිදුව ඇතැයි ද ඔහු පැවසීය. විශ්වවිද්‍යාල තුළට හමුදාව විවිධ කටයුතුවලට එක පැත්තකින් යොදවා තවත් පැත්තකින් එම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පෙර හමුදා කඳවුරු තුළ පුහුණුවීමට සලස්වීම ඛේද ජනක බවද ඔහු පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ‘කණිෂ්ඨ සංවිධානයක් වන සමාජවාදී ශිෂ්‍ය සංගමය දශක 04 ක් පුරා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරැුකීමට කැපවී සිටිනවා. මේ අවස්ථාවේදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ ආණ්ඩුවෙන් පිහිටුවා මේ රටේ වැඩකරන අම්මා තාත්තාගේ දරුවන්ට ඉතිරිවී තිබෙන නිදහස් අධ්‍යාපන අයිතියත් කොල්ලකෑමට සූදානම් වෙනවා.

නමුත් 1981 දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට මුල් පියවර තැබූ අවස්ථාවේ වෙනුර එදිරිසංහ, රංජිතම් ගුණරත්නම්, එම්. එස්. නිශ්මි, නිමල් බාලසූරිය වැනි ශිෂ්‍ය නායකයින් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් අධ්‍යාපන රැුකගැනීමට කටයුතු කරා වගේම අපිත් ධෛර්යයෙන් යුතුව කටයුතු කරනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තනිකරම මුදල් ගරන ජාවාරමක්. මේ රටේ ජනතාවගෙන් 42%ක් අන්ත දුගී භාවයේ සිටියදී ජනාධිපති ලේකම්වරයාට හෝ රුපියල් ලක්‍ෂ 85 ක මුදලක් ගෙවා තම දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න බෑ. ස්වල්ප දෙනෙකුට හැර එසේ කළ හැක්කේ අයථා ලෙස මුදල් සොයන්නන්ට විතරයි.

මේ රටේ ආචාර්යවරුන්ටත් දැන් බරපතළ ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය නොදුන් වෛද්‍ය සභාව විසුරුවා හරින බවට එස්. බී. දිසානායක ඇමතිවරයා තර්ජනය කර දින කීපයකින් වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය නෝනිස් මහතාට තර්ජනය කිරීම දක්වා තත්වයක් රට තුළ ඇතිකර තිබීම සුළුවෙන් සලකන්න බැහැ.

ලබන අයවැයෙන් ආරක්‍ෂක විදයම් වෙනුවෙන් රුපියල් කෝටි 22000ක් වෙන්කර අධ්‍යාපනයට එයින් 10%ක තරම් සොච්චමක් වියදම් කිරීම ගැන සියළු දෙනා දැඩි වධානය යොමු කළ යුතුයි.


Loading...

RSL

Related Posts