නැමීබියාවට ලකුණු 55 ක ජයක්

Spread the love

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය අද (16) පැවැත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නැමීබියා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.

ඒ අනුව 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති පළමු තරඟයෙන් ලකුණු 55 ක ජයක් හිමි කර ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.

Related Posts