ධම්මික පෙරේරා ඉල්ලා අස්වේ

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා එම මන්ත‍්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කරන ලද අතර අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද පත් කරන ලදී.

නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීමෙන් පසු ධම්මික පෙරේරා මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇමති ධුරය දරමින් සිටියදී ඔහු එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රසිද්ධියේ චෝදනා කරමින් කියා සිටියේ වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

RSL

Related Posts