දේශපාලන ගේම්වලදී රනිල්ට මහින්ද එක්ක හැරෙන්නවත් බෑ – අනුර

Spread the love

රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ගේම්කාරයෙක්හෝ කපටියෙක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කළ සියලුම ගේම් අසාර්ථක වූ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය වැළැක්වීමට ඔහු කළ සැලසුම් සියල්ල අසාර්ථක වන බවත්ය.

ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වීම පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීම පමණක් බවත් ඔහු පැවසීය.

හදිසි පනත් කෙටුම්පත් ගෙන ආ හැක්කේ ජාතික ආරක්ෂාව සහ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පමණක් බව 21 වැනි සංශෝධනයේ පැහැදිලිවම සඳහන් වන බැවින් හදිසි පනතක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව දිසානායක මහතා පැවසීය.

“රනිල් කපටියෙක්, ගේම් කාරයෙක් කියලා රටේ මතයක් තියෙනවා. මම කියන්නේ ඔහු කපටියෙක්වත් ගේම්කාරයෙක්වත් නෙවෙයි. නමුත් මහින්ද රාජපක්ෂ තමයි ගේම් වල මාස්ටර්‘

Related Posts