ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට සහ ඉන්දීය රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට සැප්තැම්බර් 17 සිට සැප්තැම්බර් 19 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් වෙත සංචාරය කරන බවයි.

96 හැවිරිදි වියේ පසු වූ දෙවන එළිසබෙත් රැජින සැප්තැම්බර් 8 වන දින ස්කොට්ලන්තයේ බල්මෝරල් මන්දිරයේ ගිම්හාන මන්දිරයේදී අභාවයට පත් විය. දෙවන එළිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් 19 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී අවසන් කිරීමට නියමිතය.

එක්සත් රාජධානියේ හිටපු රාජ්‍ය නායිකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ ප්‍රධානියා ද විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුයේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මුර්මු, උප ජනාධිපති ජග්දීප් දන්කාර් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශෝකය ප්‍රකාශ කර ඇති බවයි.

2022 සැප්තැම්බර් 12 වන දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉන්දියාවේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගියේය. ඉන්දියාව 2022 සැප්තැම්බර් 11 ඉරිදා ජාතික ශෝක දිනයක් ද ලෙස ද නම් කෙරිණ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඇයගේ පාලන සමය පිළිබඳ පැවසුවේ ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර සබඳතා II වන එලිසබෙත් රැජිනගේ 70 වසරක පාලන කාලය තුළ සමෘද්ධිමත් වී සහ ශක්තිමත් වී ඇති බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සුභසාධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඇය ඉටු කළ බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්