දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ (19) නිමාවට පත්කර තිබෙනවා.
ඒ අනුව දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් දේව මෙහෙය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුකර තිබෙනවා.
ඉන් පසු රැජිණ වඩාත් ප්‍රිය කළ මාලිගය වන වින්ඩ්සර් මාළිගය වෙත දේහය රැගෙන ගිය අතර එහි ඇති ශාන්ත ජෝර්ජ් රාජකීය දෙව් මැදුරේ පැවති අවසන් දේව මෙහෙය සිදු කිරීමෙන් අනතුරුව දේහය රාජකීය සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබෙනවා.
රැජිණගේ ස්වාමිපුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහයද සමඟ මෙලෙස රැජිණගේ දේහයද තැන්පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්පසු පවුලේ දේව මෙහෙයකින් අනතුරුව රැජිණගේ දේහය ඇයගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ දේහය සමඟ දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කර ඇති අනුස්මරණ සුසානයේ තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව මෙය පවුලේ සාමාජිකයින්ට පමණක් විවෘත වන බැවින් එම අවස්ථාව රූපවාහිනියේ විකාශය කිරීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.