වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදිප් කාරියවසම් සදහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිනකට රෝගින් 25 ක් පමණ වාර්තා වී ඇති බවයි.
මේ වනවිට ඩෙංගු රෝගීන් දිනකට වාර්තා වන්නේ 3ත් 4 ත් සංඛ්‍යාවක් බව ප්‍රදීප් කාරියවසම් පවසයි.
ඔහු සඳහන් කළේ ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි. මාලිගාවත්ත, මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් ඔවුන් වාර්තාවන බව ඔහු ප්‍රකාශ කළේය.
- Friday
- July 26th, 2024