දැන් මේ රජය හොර කච්චේරියක් වගේ – ආචාර්ය වික්‍රමබාහු

Spread the love

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම පිළිබඳව හා ඒ පිලිබඳව විවිධ පුද්ගලයින් හා පාර්ශව දක්වන අදහස් ගැන කරුණු දැක්වීම සඳහා ඊයේ (17) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, ‘දැන් මේ රජය හොර කච්චේරියක් වගේ. හොරට සහතික හදනව. හොරට මරණ සහතික දෙනව. දැන් හොරට ජීවත්වෙනව කියල සහතිකත් දෙනව. ඔක්කොම රජයට කරන්න පුළුවන්.’අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා වෙනත් රටක සරණාගත භාවය ලබා සැඟවී ඉන්නවා යැයි හිටපු නීතිපති විසින් කිසිදු සාක්කියක් ඉදිරිපත් නොකරමින් එක්සත් ජාතීන්ගේ වධ හිංසා කමිටුව ඉදිරියේ කරන ලද ප‍්‍රකාශය ගැන කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.

මේ අතර ඊයේ පැවැති කැබිනට් තීන්දු ප‍්‍රකාශ කරන මාධ්‍ය හමුවේදී මාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ කියා සිටියේ, මොහාන් පීරිස්ගේ ප‍්‍රකාශය රජයේ ප‍්‍රකාශයක් නොවන බවත් මොහාන් පීරිස් මහතාගේ පුද්ගලික ප‍්‍රකාශයක් බවයි. මාධ්‍යවේදීන් එහිදී ඇමැතිවරයාගෙන් විමසා සිටියේ ඔහු එම එක්සත් ජාතීන්ගේ කමිටුවට සහභාගී වූයේ රජය වෙනුවෙන් නොවේද? යන්නයි. ‘විශ්වාසනීය සාක්කි’ ඔහු සතුව ඇතැයි කීවා නම් එ්වා ඔහු සතුව ඇති බව මාධ්‍ය ඇමැතිවරයා පැවසීය.

[youtube QMU9GDBqAw0]

RSL

Related Posts