දරුවන් වෙනුවෙන් හිඟා කන්න සූදානම් – සුසිල්

Spread the love

හිඟා කාල හරි පාසල්  දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා  එය කරන බව  සභානායක, අධ්‍යාපන  අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (1) පැවැසීය

දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකිනම් එය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රේමජයන්ත අමාත්‍යවරයා   සිඟා කමින් ආධාර එකතු කරන බවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැති සබයේදී  ඊට පෙර දින  කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.

තමාට ඇමැති ධූරය අද නැති වුණොත් හෙට සිට උසාවියට යා හැකි  නමුත් මිනිසුන්  හෑල්ලුවට ලක්කර කතා කරන  පුද්ගලයන්ට එලෙස යන්නට තැනක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

Related Posts