පිට පිට දෙවැනි වරටත් ලෝක රගර් කිරුළ අත්කර ගැනීමේ අරමුණින් පසුවන ප්‍රබල දකුණු අප්‍රිකාව මූලික වටයේ අවසන් තරගයේදී ලකුණු 12 – 5 ක් ලෙස සැමෝවා පිල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේය. තරගාවලියේ මූලික වටයේ සහභාගි වූ තරග 4ම ජය ගැනීමට ඒ අනුව දකුණු අප්‍රිකාව සමත් වූ අතර “සී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද හැකි විය.
තරග 4 කදී ජයග්‍රහණ 2 ක් ලබා ‘සී’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේ පසුවන සැමෝවා පිලේ අර්ධ අවසන් පූර්ව වටයේ සිහින සැබෑවීමට නම් හෙට (2) පැවැත්වෙන වේල්ස් හා ෆිජී අතර තරගයෙන් වේල්ස් පිල විශාල ලකුණු ප්‍රමාණයකින් පරාජය විය යුතුව ඇත. ‘ඩී’ කාණ්ඩයේ ලකුණු සටහන තරග 2 කදී ජයග්‍රහණ 2 ක් ලබා 2 වැනි ස්ථානය අත්කර ගැනීමට වේල්ස් පිල සම්බන්ධ සිටියි. තරගාවලයේ ඒ.බී.සී. සහ ‘ඩී’ කාණ්ඩ වශයෙන් රටවල් 20 ක් කොටස් 4 කට බෙදී මූලික වටයේදී තරග වදින අතර මූලික වටයේ තරග හෙටින් අවසන් වේ.
දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට
Loading...