ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදීමට සූදානම් වෙයි

Spread the love

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, මේ ගෙවෙන්නේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් මාස 12 විය හැකි බවයි.

විස්සයි විස්ස ක්‍රීඩාවට තමා කැමති බවත් තමන් 2024 දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts