ඩයනාගේ කූඨ ලේඛන නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි

Spread the love

ජාතික හැුනුම්පත සකස් කිරීම සහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද  කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

අද දින පැවැති නඩු විභාගයට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කළ අතර සාක්ෂි ලබා දීම සඳහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

2004 ඔක්තෝම්බර් මස 09 වැනිදා සහ 2004 දෙසැම්බර් මස 01 වැනිදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

Related Posts