ටෙස්ට් තරඟාවලියේ ජය ඔස්ට්‍රේලියාවට, මයිකල් හසී වීරයා වෙයි.

Spread the love

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය 1 – 0ක් වශයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟිනි.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති 3වන තරඟයේ අවසන් දිනය වූ අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියේය. ඒ අනුව ඔස්ට්‍රේලියාව අද සිය දෙවන ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 488ක් ලබා ගත්තේය.
එහිදී පිලිප් හියුජ් ලකුණු 126ක් ලබාගත් අතර මයිකල් ක්ලාර්ක් ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වු රංගන හේරත් පන්දුවාර 52කදී ලකුණු 157කට කඩුලු 7ක් ලබා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 332ක ඉලක්කයක් හිමිවිය.
නමුත් තරඟය අවසන් වනවිට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා  සිටියේය. මයිකල් හසී අවසන් ටෙස්ට් තරඟයේ වීරයා සහ ටෙස්ට් තරඟාවලියේ වීරයා සම්මානය හිමිවිය.

RSL

Related Posts