ජෙනරල්වරයාගේ සිර මැදිරිය ආසන්නයේ එල්.ටී.ටී. සැකකරුවන් නොතබන ලෙසට මහාධිකරණ නියෝගයක්

Spread the love

සුදුකොඩි සිද්ධියට අදාළ නඩුව දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.ටී.එම්.බී. වරාවැව සහ ඒ.ඉසෙඩ් රසීම් යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යලි කැඳ වූ අවස්ථාවේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට බන්ධනාගාරය තුළ දැඩි ආරක්ෂාව සපයන්නැයි, කොළඹ මහාධිකරණය ඊයේ (09 සැප්.) නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ‍ජෙනරාල් බුවනෙක අළුවිහාරේ සාක්ෂි විශ්ලේෂණයට අදාළ කරුණු දැක්වීමෙන් පසුව කළේය.

සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා තම සේවා දායකයාගේ ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, මේ දිනවල දිවයිනේ විවිධ පළාත්වල සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ෆොන්සේකා මහතාගේ සිර මැදිරියට ආසන්නයේ රඳවා ඇති බවයි.

එය ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඒ පිළිබදව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත්කරන්නැයි, නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු අධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේ, ෆොන්සේකා මහතාගේ සිර මැදිරිය ආසන්නයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් රඳවා නොතබන ලෙසයි.

 

RSL

Related Posts