ජිනීවා ජගත් මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සූදානම්

Spread the love

නොබෝ දිනකින් (12 සැප්.) ජිනීවා නුවර දී ආරම්භ වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 10 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රශ්න කීරීමක් සිදු වුවහොත් එම චෝදනා වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සූදානම් බව, රජය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, ජයග්‍රහණ, මානව හිමිකම් සුරැකීමට ගත් පියවර, පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් එම සැසිවාරයට කරුණු දක්වන බව වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. මෙයට අමතරව පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස බලාපොරොත්තු වෙයි.

මෙම නියෝජිත පිරිසේ නායකත්වය වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා උසුලයි. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරීස්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු නීතිපති මොහාන් පීරිස් යන මහත්වරු සෙසු නියෝජිතයෝ වෙති.

මෙම සැසිවාරයේ දී ඇමැති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඊට අමතරව සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය, ඉදිරි ක්‍රියාමාර්ග හා තොරතුරු සම්බන්ධයෙන් රාජ තාන්ත්‍රිකයන් හා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිතයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙයි. එය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉටු කරනු ඇත.

Loading...

RSL

Related Posts