ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ජර්මානු විදේශ අමාත්‍ය ඇනලේනා බෙයර්බොක් දෙසැම්බර් 5-6 දිනවල ඉන්දියාවේ සංචාරක නිරත වන බවයි. මෙහිදී ඇය ඉන්දියාව සහ ජර්මනිය අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වලට ද සහභාගී වනු ඇත.

සංචාරය පිළිබඳ වැඩිදුර කරුණු දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කළේ ඇය දිල්ලියේ රැඳී සිටින කාලය තුළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමග දෙසැම්බර් 5 වන දින ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවයි.

එමෙන් ඔවුන් ද්විපාර්ශ්වික ගැටළු මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී පැවසීය.

උපායමාර්ගික හවුල්කරුවන් ලෙස, ඉන්දියාව සහ ජර්මනිය පොදු වටිනාකම් සහ හවුල් ඉලක්ක මගින් දිගුකාලීන සබඳතාවක් පවත්වා ගෙන ඇත,” බග්චි තවදුරටත් පැවසීය.

ඉන්දියාව සහ ජර්මනිය 2021 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සනිටුහන් කළේය.

2022 දී දෙරට අතර ඉහළ මට්ටමේ කටයුතු කිහිපයක් ගැන සඳහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ අගමැති නරේන්ද්‍ර මෝදි 6 වන ඉන්දු-ජර්මනිය අන්තර් රාජ්‍ය උපදේශන සඳහා බර්ලිනයට ගිය බවයි.

ඉන්දියාව හවුල්කාර රටක් වූ බැවින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ආරාධනයෙන් ෂ්ලොස් එල්මාවුහි පැවති G7 රැස්වීම සඳහා අගමැති මෝදි නැවතත් ජර්මනියට ගියේය.

ජර්මානු චාන්සලර් ෂෝල්ස් ලබන වසරේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවද පැවසේ.

ජර්මානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය පැමිණෙන්නේ, පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් සර්දාරි භූතෝ සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ජම්මු සහ කාශ්මීරය සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස්වලට ඉන්දියාව දැඩි විරෝධය පළ කර මාසයකට මඳක් වැඩි කාලයකට පසුවය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ විදේශ අමාත්‍ය බෙයර්බොක් මේ වසරේ මුලදී හමුවී තිබුණේ ඔහු පෙබරවාරි මාසයේ මියුනිච් ආරක්ෂක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්