ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ගාලුමුවදොර අරගලභූමියට යයි

Spread the love

අරගලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම වහා නවත්වන ලෙස හා අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා කිතුණු ආගමික පූජකවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගාලුමුවදොර උද්ඝෝෂණ කලාපයේ පිහිටි අරගල භූමියට පැමිණ අද (29) පැමිණ විරෝධතාවක නිරත වූහ.

‘සිවිල් සමාජයේ අප සාධාරණ අරගලය සමඟයි’, අනීතික අත්අඩංගුවට ගත් පුද්ගලයන් වහා නිදහස් කරනු’ ආදී පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත්) ශානුක කරුණාරත්න යන මහත්වරු ද මේ අවස්ථාවේ ගාලුමුවදොර අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ කිතුණු ආගමික පූජකවරුන් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුරදීගාලු මුවදොර අරගල බිමේ පැවැත්වෙන විරෝධතාවය දැක ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් එම ස්ථානයට ගොස් ඇත.

විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වූ ඔවුහු පසුව එම ස්ථානයෙන් පිටව ගියහ.

RSL

Related Posts