ජනාධිපතිතුමන්ගේ රාමසාන් දින පණිවිඩය

Spread the love

ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය මෙසේය.

ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆිත්ර් උත්සවයට සුබපැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්ත ව ය.

ඉස්ලාමීය දහමේ ඇති පූජනීය මාසයේ සම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆිත්ර් ය.

මෙම ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි. ශුද්ධ වූ කුරාණයේ සහ මුහම්මද් නබිනායකතුමාගේ ඉගැන්වීම්වලට අනුව මුස්ලිම් බැතිමතුන් මේ සමය ගත කරන්නේ දැඩි ආගමික පිළිවෙත් පුරමිනි

ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසය ‍දෙස බැලීමේ දී මුස්ලිම් ප්‍රජාව සියලු ජාතිකයින් සහ ආගමිකයින් සමඟ දැඩි  සහෝදරත්වයෙන් ජීවත් වූ බව අපි දනිමු. ඒ සඳහා ඔවුන් ඉස්ලාමීය දහමේ මගපෙන්වීම ගරු කොටගෙන තිබේ. රටේ සංවර්ධනයට සේ ම රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ඔවුන් ලබාදෙන්නේ විශාල දායකත්වයකි.

මේ රටේ මුස්ලිම් ජනතාව උතුරු, නැගෙනහිර, දකුණ, බටහිර ආදී සියලු පළාත්වල අද නිදහසේ ඊදුල් ෆිත්ර් උත්සවය සමරයි. ඔවුන් ඒ පිළිබඳ ව මහත් සතුටට පත්වන්නේ උදාකරගත් නිදහස වෙනුවෙන් කළ දැඩි කැපකිරීම් ද සිහිපත් කරමිනි.

සාමයේ සහෝදරත්වය ඇති අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප පියවර තබන විට මුස්ලිම් ප්‍රජාව ඒ සඳහා ලබාදෙන සහයෝගය මෙම අවස්ථාවේ දී ද විශේෂයෙන් අගය කළ යුතු වන්නේ ය. ශුද්ධ වූ කුරාණයේත් මුහම්මද් නබිනායකතුමන්ගේත් ඉගැන්වීම් අනුව යන මුස්ලිම් ජනතාව එකමුතු කමින් පිරුණු රටක් සේ ම සමෘද්ධිමත් ජන ජීවිතයක් ගත කිරීමට පෙළගැසිය යුතුය.

ඊදුල් ෆිත්ර් උත්සවය ශ්‍රී ලංකාවේ සියලු ම ඉස්ලාමීය බැතිමතුන්ට ප්‍රීතියෙන් සැමරීමට හැකි වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.  ඊඩ් මුබාරක්!

Loading...

RSL

Related Posts