ජනපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවෙයි

Spread the love

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.

එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිට තිබෙනවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා.

Related Posts