ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලැබු දරුවන් තිදෙනා පසුගිය දා (16 සැප්.) අරලියගහ මන්දිරට කැඳවා තිබිණ.
ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා ත්‍යාග සහ තිළිණද ප්රදානය කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ පාසල්වල අවශ්‍යතා සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති බව සඳහන් වේ.
කළුතර බාලිකා විද්‍යාලයේ ඕෂධී ෆොන්සේකා, කළුතර දොඩංගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ නෙත්නි විහංගි රණවීර සහ කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලයේ ශකී අහමඞ් යන දරුවන් ලකුණු 195 බැගින් ලබා ගනිමින් මෙවර ඉහළම ලකුණු වාර්තා කළේය.
මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 194 ක් ලබා දෙවැනි ස්ථානය ලබා ඇත්තේ විශ්වමඩු නෙත්තලියාදු දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ පරමේශ්වරන් ශේතුරාගවන් ශිෂ්‍යයාය. බිහිසුණු යුධ ගැටුම් පවතී විශ්වමඩු වැනි ප්‍රදේශයක ශිෂ්‍යයකු එවැනි ජයක් ගැනීම විශේෂයකි. යුද්ධය නිමාවීමෙන් පසු විශ්වමඩු නෙත්තිලියාදු දෙමළ ප්‍රාථමික විදුහල යළි ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ය.
බිබිල මැදගම විද්‍යාලයේ ඉෂාන් ලක්ෂිත සුමනපාල සිසුවාද ලකුණු 194ක් ලබාගෙන දෙවැනි තැනට පත්ව ඇත.
ජනපති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගත් දරුවන් හමුවෙයි
Loading...