ජනපති පරිනත දේශපාලකයෙක්

Spread the love

දීර්ඝකාලීන දේශපාලන අද්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබීම ගැන තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාදය පළ කරන බව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිතුමා රට බාරගෙන ඇත්තේ අනපේක්ෂිත හා අසීරු අවස්ථාවකයි. මෙතෙක් කිසිදු නායකයකුට නොතිබුණු ලක්ෂණ ජනාධිපතිවරයා කෙරෙන් දක්නට ලැබේ. තමන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමේ ශක්තිය ජනාධිපති තුමාට ඇත. කිසිදු දෙයකට කම්පා නොවීම, යම්දෙයක් පිළිබඳ නොබියව තීන්දු තීරණගැනීම වැනි ලක්ෂණ නිසා රටේ ප්‍රශ්න ගැන අසීරු හා දුෂ්කර දැඩි තීන්දු ලබාදීමට සිදුවෙයි. ඒ සඳහා තමන්ගේත් මහා සංඝරත්නයේත් ආශිර්වාදය ජනාධිපතිවරයාට පළ කරන බව ද හේමරතන ස්වාමීන්වහන්සේ පැවසූහ.ජෙ

ජනපතිවරයා අද රුවනවැලි මහ සෑ රදුන් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙසේ අනුශාසනා කළහ.

RSL

Related Posts