ජනපති දුමින්ද බැලීමට රෝහලට යයි

Spread the love

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී බරපතල තුවාල ලබා, ශී‍‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (31 ඔක්.) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබේ.

අනුර පි‍‍්‍රයදර්ශණ යාපා, තිස්ස කරලියද්ද, ඇතුළු අමාත්‍යවරුන් දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ ගොස් ඇත.

ඊට අමතරව ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් වී තිබෙන බව ‘හිරු‘ ගුවන් විදුලිය සදහන් කරයි.

මෙම ප‍්‍රභූන් පිරිස පැයකට ආසන්න කාලයක් රෝහලේ ගත කර ඇත.

RSL

Related Posts