ජනපති කොළඹ පැල්පත්වාසීන් හමුවේ

Spread the love

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 ඔක්.) කොළඹ නගරයේ පැල්පත් නිවාස ආශි‍්‍රත ප්‍රදේශ කිහිපයක චාරිකාවක නිරත විය. මාළිගාවත්ත, ඇපල්වත්ත, සෝමාලියාව වත්ත, මෝදර, වැල්ලවත්ත, මයුර පෙදෙස ආදී ප්‍රදේශ කිහිපයක, නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිවරයා එම ප්‍රදේශයන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙනබවට පොරොන්දුවිය.
පැල්පත්වාසීන්ගේ නිවාසයන්හි තත්ත්වය සොයා බැලීමට ගිය ජනාධිපතිවරයා, ජනතාවට ඔවුන් පදිංචි ස්ථානයන්ට වඩා හොඳ නිවෙසක් ලබාදීම රජයේ අරමුණ වී තිබෙන බවද එම ස්ථානවලින් කිසිවෙකු ඉවත් නොකරන බවටද සහතිකවී ඇත. මේ අතර වැල්ලවත්තේ ඉදිවන නිවාස සංකීර්ණයද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඒ අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කොළඹ නගරය තුළ කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමේ ජනහමු මාලාවක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතාගේ ප‍්‍රධානත්වයෙන් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේදී ඊයේ (05 ඔක්.) පැවැත්විණ.
සේදවත්ත ප‍්‍රදේශයේ පැවති ජනහමුවට එක්වෙමින් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොලොන්නාව නගර සභාවේ බලය රජය සතුවන්නේ නම් කොළඹ නගරය පුරා කි‍්‍රයාත්මක කරන සංවර්ධන වැඩසටහන් කොලොන්නාව ප‍්‍රදේශයටද රැගෙන යාම ඉතා පහසුවන බව සඳහන් කළේය.

RSL

Related Posts