ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ද ?

Spread the love

 

වත්මන් යුගයට අවශ්‍ය හොඳම නායකයා සහ කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුවයි

පළාත් පාලන හා පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරු හරහා සිය අතට ගත් ජනපතිගේ මීළඟ පිම්ම ජනපතිවරණය කල් දැමීම ඉරාන් වික්‍රමරත්න

එක පුද්ගලයෙකුට පමණක් රටක් හෝ හොඳ ව්‍යාපාරයක් ගොඩ නගන්න බැහැ. සාර්ථක වන්නට නම් නායකයා සමඟ හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි.  වානිජ බැංකු ක්ෂේත්‍රයේ කණඩායම් නායකයෙක් ලෙස නව බැංකුවක් ආරම්ඹ කළ තමාට දේශපාලනයට එන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකා ආරාධනා කළේ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේදී අප දැක්වූ සාර් ථකත්වය දැක යැයි ස.ජ.බ පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බැංකුකරුවෙක් ලෙස රජයට අවශ්‍ය විවිධ උපදෙස් ලබා දුන්නා පමණක් නොව කොටි සංවිධානය දේශපාලන ප්‍රවාහයට ගෙන්වා ගැනීම පිණිස එදා වෘත්තිකයන් ලෙස වන්නියට ගොස් ඔවුන් සමග තමා සාක්ච්ඡා පැවැත්වූ බවද වික්‍රමරත්න මහතා කොළඹ විපක්ෂ නායක කාර් යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දීහෙළි කළේය.

වෘත්තියවේදීන් රාජ්‍ය ප්‍රතිපත්තිවල වැරදි කිය කියා ඉන්නේ නැතිව, මේ රට හදන්නට ඉදිරිපත් විය යුතුයි. එවැන්නන්ට පළපුරුදු දේශපාලඥයන් සමග එක්ව මේ රටේ විශාල වෙනසක් ඇති කළ හැකියැයි හෙතම අවධාරණය කළේය.

ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක්  ඡන්දයෙන් තෝරාගෙන තිබියදී ජනතා ස්වෛරීත්වය පාලකයන්ට ඔනෑ ඔනෑ විධියට ඔනෑ අවස්ථාවේ වෙනස් කළ නොහැකිය. ක්‍රිකට් තරඟයක් පැවැත්වන අවස්ථාවේ දී විනිශ්කරුට හෝ කණ්ඩායමේ නායකයන්ට අතර මගදී නීති රීති වෙනස් කළ නොහැක. වත්මන් රජයේ කරන්න යන්නේ එවන්නක් යැයි පෙන්වා දුන් වික්‍රමරත්න මහතා ජනතා බලයට පිටුපා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන්න උත්සාහ කළ හොත් ආණ්ඩුවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා  යැයි අනතුරු ඇඟවීය.

වත්මන් රජය, බලය එක් තැන් කරලා, පළාත් පාලන බලය හා පළාත් සභා බලයත් නැති කර තිබෙන මේ අවස්ථාවේදී හොරුන් සහ මිනි මරුවෙන්ගෙන් ද සමන්විත පාර් ලිමේන්තුවට නව මන්ත්‍රීවරු පත් කරන ජනතා බලය උරගා බලන පාර්ලිමේන්තු මහ මැතිවරණය හා ජනාධිපතිවරණය කල් තැබීමට තම නැණ පමණින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කරන යෝජනවා තරයේ හෙළා දකිනවා. ජනතාව්ගේ ස්වෛරී බලය සමඟ සෙල්ලම් කරන්නට රජය උත්සාහ කළ හ්හොත් මීට වඩා ලොකු කැළඹීමක් රටේ ඇතිවනු ඇතැයි මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.

මෙවන් ජනතා විරෝධී අදහස් මතු කරන විට පක්ෂයක නායකයා සහ  වටේ ඉන්න සාමාජිකයන්ගේ තරම ජනතාව තේරුම් ගත යුතුයි. ඕනෑම පක්ෂයක නායකයා පමණක් නොව ඔහු වටේ හොඳ කණ්ඩායමක් ද සිටින්නේ නම් පමණයි එම පක්ෂයට රට සංවර් ධනය කළ හැකිවන්නේ. වත්මන් දේශපාලනයේ දී හොඳ නායකයෙක් හා කණ්ඩායමක් සිටින්නේ සමගි ජන බලවේගය සමග පමණක් බව ජනතාව අවබෝධ කරගත යුතු යැයි වික්‍රමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමඟි ජන බලවේගයේ ආර් ථික ප්‍රතිපත්ති පමණක් නොව අධ්‍යාපනය, සමාජ ආර්ක්ෂණය ගැන, සංචාරක ව්‍යාපාරය ගැන පක්ෂ කණ්ඩායම තුළ විශේෂඥයන් සිටින බව කී හෙතම ඕනෑම පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ ඒවා පිළිබඳව වාද විවාද පැවැත්වීමට සූදානම් යැයි සඳහන් කළේය. ඒ වගේම නායකයන් අතරත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමය අනුව විවාද පැවැත්වීමට අප සූදානම්. මැතිවරණ කොමසාරිස් ජනපතිවරණය පිළිබඳවදින නියම කළ පසුව, ස්වාධීන පාර් ශ්වයක මධ්‍යත් භාවයෙන් විවාද කිරීමට සමගි ජන බලවේගය සූදනම් බව ප්‍රකාශ කළේය.

තමන් වාචාල කථිකයෙකු නම් හෝ මයික්‍රෆෝනය ඉදිරිපිට කතා කිරීමේ පුරුද්ද ඇති පමණින් සෑම කෙනෙකුටම රටක් පාලනය කළ හැකි බවට ඇතැම් පාර්ශ්ව අතර වැරදි සංකල්පයක් සහ මිථ්‍යාවක් පවතින බව ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. රටට අවශ්‍ය සදාචාරය, උගත්කම, දැනුම සහ පළපුරුද්ද ඇති පුද්ගලයන් බැවින් රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වන ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

Related Posts