ජනතාවගේ හැසිරීම අවුල්: සීමා කිරීම් වසර අවසානය දක්වා ඕනෑ

Spread the love

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම සුදුසු නෑ

ජනතාවගේ අනවශ්‍ය සංචලනය මැඩපැවැත්වීම සඳහා මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා යම් යම් සීමා කිරීම් යටතේ සිටීමට සිදු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු අද (19) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සති අන්තයේ මිනිසුන් හැසිරෙන ආකාරය අනුව බොහෝ තීරණය වනු ඇති බවයි.

“පසුගිය අවුරුදු උත්සව සමයේදී මිනිසුන් විනෝද චාරිකා සහ වන්දනා ගමන් යාමට පටන් ගත් විට කොවිඩ් තත්ත්වය අතිෂය උග්‍ර වුණා. එවැනි තත්ත්වයක සේවායක් අපි දැන් දකිනවා. කොරොන වයිරස් වළක්වා ගැනීම සඳහා මහජනයාට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ නැතිව හිතුමතේ කටයුතු කළහොත් එහි අහිතකර ප්‍රතිවිපාක අප සියලු දෙනාටම දැනෙනවා. එබැවින් එන්නත ලබා ගත්තද සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපදින්නැයි මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මෙම වසර අවසානය දක්වා මෙම සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතු බව මම විශ්වාස කරනවා‘ යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ සෞඛ්‍ය නීති ගැන ජනතාව එතරම් උනන්දුවක් නොදක්වන වන වාතාවරණයක පොදු ප්‍රවාහන සේවාව පවත්වාගෙන යාමට ඉඩ දීම සුදුසු නොවන බවයි.

Related Posts