ඡන්දයට පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි; නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා කැඳවයි

Spread the love

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ ආරම්භ වන අතර නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පැවසීය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද රාත්‍රී එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මේ අතර හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

RSL

Related Posts