‘චීන අසාදුගත කිරීම ගැන‘ මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

Spread the love

මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.  

මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් බැංකුව අසාදු ලේඛනගත කර ඇති බව අපගේ අවධානයට ලක් වී ඇත.

  • එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදුකිරීම තාවකාලික අත්හිටුවා ඇත්තේ අදාළ වෙළඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බව මහජන බැංකුව දැනටමත් චීන තානාපති කාර්යාලයේ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
  • මෙම ගෙවීම් ප‍්‍රමාදයට එකම හේතුව වනුනේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකුලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටින බැවිනි.
  • දැනට කි‍්‍රයාත්මක වන නීතිමය බාධක ඉවත් කළ පසු, සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම කඩිනමින් කෙරෙනු ඇත.

Related Posts