ගෝල්ඩන් කී මූල්‍යවංචාවට සම්බන්ධ 5කට රටින් පිරවීම තහනම්

Spread the love

ගෝල්ඩන් කී මුදල් වංචා කිරීම සමිබන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින පෙරදී ගෝල්ඩන් කී ආයතනයේ සේවය කල පුද්ගලයින් 5 දෙනෙකුට රටින් පිටවීම තහනමි කරමින් අධිකරණය අද නියෝග කරන ලදී.

සාක්ෂිකරුවන් 5 දෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසත්, එමෙන්ම රුපියල් 10,000 ක බැඳුමිකරයකට යටත්ව ඔවුන්ව නිදහස් කෙරිනි. අද පැවැති නඩු විභාගය සඳහා ගෝල්ඩන් කී ආයතනයේ සභාපති වන ලලිත් කොතලාවල මහතා ඇතුළු අධ්‍යකෂක මණ්ඩලයද පැමිණ සිටියේ ය.

පීරිස් මහතා අධිකරණය වෙත දන්වා සිටියේ සිසිලියා කොතලාවල මහත්මිය විදේශගතව සිටින බවත් අයහපත් සෞඛ්‍ය තත්වයේ පවතින බැවින් ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත්ය. සිසිලියා කොතලාවල මහත්මිය දුටු තැන අත්අඩංගුවට ගන්නා මෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන මෙන් මීට කලින් අධිකරණය විසින් නියෝග කර තිබුණි.

ගනුදෙණු කරුවන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඕ සමාගමේ තැන්පත්කර තිබූ රුපියල් කෝටි 720 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා 91 ක් යටතේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු එහි අධ්‍යක්ෂවරු 9 දෙනෙකු චෝදනා ලබා සිටියි.මෙම නඩුවට අදාළව ලේඛන 62ක් තිබෙන අතර, සාක්‍ෂිකරුවන් 778ක් සිටියි.

2012 පෙබරවාරි 10 දින මෙම නඩුව නැවත කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

Loading...

RSL

Related Posts