ගෝඨා තවමත් අමෙරිකානුවෙක්! දෙරණම අවසානයේ තහවුරු කරයි

Spread the love

රාජපක්ෂ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙකු නොවන බව ජනතාව ගොනාට අන්දවා පෙන්වීම සඳහා දෙරණ ඔස්සේ අමෙරිකානු තානාපතියවද සම්බන්ධ කරගනිමින් සිදුකළ වැඩසටහනකදී එය ගෝඨාභයටම පාරාවළල්ලක් වනු දක්නට ලැබිණ.

ගෝඨාබය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගල නාමලේඛනයට මෙතෙක් ඇතුලත්ව නොමැති බව යලිත් වතාවක් තහවුරු වූවා.

අද දෙරණ වීසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් අතර පැවති සම්මුඛ සාකච්ජාවේදී මේ බව අනාවරණය වූවා.

අද දෙරණ :

මේ ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලා ශ්‍රී ලංකාවේ ජනතාවට පැහැදිළි කරන්න තානාපති කාර්යාලයට හැකියාවක් තියෙනවාද?

නැන්සි වැන්හෝන්:

බොහොම ස්තූතියි ඒ ප්‍රශ්නයට. ඉන්දීවරී ඔව් අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙනවා. නමුත් පෞද්ගලිකත්වය රැකීමට අදාළ ඇමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටළු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක්. ඔබට මේ සම්බන්ධයෙන් ගත යුතු සියළුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.gov වෙබ් අඩවියට පිවිසීමෙන්.

අද දෙරණ :

ඔබ එය දීර්ඝ ක්‍රියාවලියක් බව සඳහන් කරන විට, එයින් කියවෙන්නේ අයදුම් කරන පුද්ගලයා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ සිට ඇමෙරිකානු රජය එය අවංලගු කර ගැනීමට අනුමැතිය ලබාදෙන අවස්ථාව දක්වා දීර්ඝ ක්‍රියාවලියක් කියලාද ඔහු‌ගේ නම ලැයිස්තුවට ඇතුළු වීමට? එහෙම නැත්නම් වෙනත් කාරණයක්ද? අපි තවදුරටත් පැහැදිළි කරගන්න කැමතියි.

නැන්සි වැන්හෝන්: එය වෙන් වෙන්ව සිදුවෙන කාරණා දෙකක්. පුරවැසිභාවය ඉවත්කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන්.

ලියකියවිලි සකස් කරන්නේත් භාර දෙන්නේත් තානාපති කාර්යාලයේදියි. පසුව එය වොෂින්ටන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා අවසන් ක්‍රියාවලිය සඳහා. පසුව ඇමෙරිකානු පුරවැසිභාවය අවලංගුවීමේ සහතිකයක් අදාළ පුද්ගලයාට හිමි වෙනවා.

ඒ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් වූ පසුව පුරවැසිභාවය ඉවත්කර ගත් අයගේ නම් අභ්‍යන්තර ආදායම් සේවයට යොමු කරනවා එය අපගේ බදු සම්බන්ධ ඒජන්සිය. එය මුළුමනින්ම වෙනස් වූ නිලධාරී තන්ත්‍රයක්.

ඉතින් මෙතන වෙනත් ඇමෙරිකානු ආයතන දෙකක් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. මම විශ්වාස කරනවා ඔබට තේරුම් ගත හැකියි. නිලධාරී මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් සඳහා කාලයක් ගත වන්නට පුළුවන්. මාස ගණනක් හෝ ඊට වැඩි කාලයක් කෙනෙකුගේ නම අභ්‍යන්තර ආදායම් සේවය නිකුත් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් වීම සඳහා ගත වෙන්න පුළුවන්.

අද දෙරණ :සිය පුරවැසිභාවය ඉවත් කරගත් අයදුම් කරුවෙක් දැන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණය සඳහා තරඟ කරනවා. දිගු කාලයක් මේ ක්‍රියාවලියට ගතවෙයි කියලා ඔබ කියන විට ඒ කොපමණ කාලයක්ද?

නැන්සි වැන්හෝන්:

එය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මොකද නාමලේඛනය රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන එකක් නෙවෙයි. එය වෙනත් රාජ්‍ය ආයතනයක් විසින් සිදු කරන කාර්යයක්.

සියල්ල තහවුරුයි…… ගෝඨා තවමත් අමෙරිකානු පුරවැසියෙක්…..

සියල්ල තහවුරුයි…… ගෝඨා තවමත් අමෙරිකානු පුරවැසියෙක්…..

Posted by Lankanewsweb on Wednesday, November 13, 2019

RSL

Related Posts