
මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. අදාළ වාර්තාකිරීම පහතින්.
https://www.reuters.com/world/asia-pacific/sri-lankas-ousted-president-expected-fly-thailand-sources-2022-08-10/