ගෝඨාභය ශ්‍රීලනිපය සමඟ ගැසූ ගිවිසුම එළියට

Spread the love

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා (19) අත්සන් කෙරිණි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අත්සන් කරන ලද මේ අවබෝධතා ගිවිසුමට කරුණු 17ක් ඇතුළත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව පිහිටුවන ආණ්ඩුවෙහි ඇමැති මණ්ඩලය තිහ දක්වා අඩුකිරීම, ප්‍රායෝගික හා විද්‍යාත්මක පදනමක් සහිතව අමාත්‍යාංශ වෙන් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම,ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටද සමාන පරිදි කටයුතු කිරීම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ගිය මත් උවදුර මර්දනය කිරීමේ වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක කිරීම, පාතාලය මර්දනය කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, පරිසර සුරක්ෂා කිරීමට පියවර ගැනීම, දෙමළ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටීම, පක්ෂ දෙකම නියෝජනය වන පරිදි වෘත්තිය සමිති නියෝජිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, ආදි යෝජනා 17ක් මේ ගිවිසුමට ඇතුළත් බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

RSL

Related Posts