‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට

Spread the love

ආන්දෝලනයට ලක්වූ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ උපන් පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට 25 වියැති තරුණියකි.

මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

‘‘ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ “අසභ්‍ය ප්‍රකාශන” බෙදා හැරීම වරදක් වනවා වගේම පොදු ස්ථානවල ‘අශෝභන ලෙස හැසිරීම’ ද දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ අනුවයි මෙම යුවළ සැකපිට අත්අඩංගුවට ගත්තේ‘ ඔහු පැවසීය.

මෙම සිදුවීමත් සමග යළිත් ගුගල් සෙවුම් යන්ත්‍රය තුළ sex යන වචනය සෙවූ රටවල් ගැන දත්ත වාර්තා කෙරේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ.

අද බී.බී.සී පුවත් අඩවිය පළ කළ වාර්තාවක සදහන් වුණේ ගුගල් සෙවුම් යන්ත්‍රය තුළ Sex යන වචනය සෙවූ රටවල් අතර ශ්‍රී ලංකාව 2012 සිට 2016 දක්වා අඛණ්ඩව පළමු ස්ථානයේ සිටි බවයි. යළිත් 2021 දත්ත අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද බී.බී.සී වාර්තාව සදහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ‘Sex’

2021 වසරේ මේ දක්වා 'Sex' යන්න 'Google' කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ
2021 වසරේ මේ දක්වා ‘Sex’ යන්න ‘Google’ කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ
Google serach sex

Related Posts